අප්පා...සති ගානකට පස්සෙ තමයි ඉතින් මේ post එකක් දාන්නෙ. මොනා කරන්ඩද ඉතින්, වෙලාවක් තිබුනෙ නැහැ. කිව්වත් වගේ මම පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයට තේරුනා. එකේදි computer science කරන උදාර පරමාර්ථයෙන් යුතුව මමත් ඉතින් මාසයක් හමාරක් තිස්සේ ඉඳන් campus එකට ගියා. අපිට ගිය සතියේ අපේ course combinations තෝරගන්න තිබ්බා.
දාන්න තිබ්බ choices 5න් 4ක් ම දැන්මෙ computer scinence තියෙන combinations. අන්තිමට කෝකටත් කියල royal combination(chemistry, maths, physics) එක දැම්මා.
අපි select උන courses මොනාද කියල ඊයේ අපිට දැනගන්ඩ ලැබුනා.පූරුවේ කරලා තියෙන පව් වල මහත කියන්නෙ, පළවෙනි combinations 4න් එකකටවත් මං select වෙලා තිබ්බේ නැහැ. select වෙලා තිබ්බෙ අර royal combination එකට. පිස්සු වගේ. ලෝකෙම එපා උනා වගේ තේරුනා. මේ education system එකත් එක්ක ආපු තරහ මට කියල නිම කරන්ඩ බැහැ. සමහර කට්ටිය 2nd year එකේදි computer science අතාරින්ඩ හිතාගෙන බොරුවට computer science තියෙන combinations තෝරගෙන. ඒගොල්ලන්ට z-scores වැඩි නිසා ඒගොල්ලන්ට computer science හම්බුවෙලා. තවත් සමහර කට්ටියට දුෂ්කර පළාත් වලින් ආවා කියල මටත් වඩා z-score එක හුගක් අඩු අයට computer science හම්බවෙලා..
දැන් ඉතින් මොනා කරන්ඩද. apeal එකකුත් දැම්මා, ඒ උනාට ඒකටත් select වෙන්නෙ නැති වෙයි. දැන් ඉතින් හිත යටින් අඬ අඬා අර හම්බුන මගුල් royal combination එක කරනවා.
ඒ උනාට මගේ පරම ආශාව තමයි, computer pragramming side එකේ ඉස්සරහට යන එක. ඉතින් මට ඒ goal එකට යන්න පුලුවන් වෙන වෙනත් පාරවල් දන්නවනම් කරුණාකරල කියනවද.හුඟක් කට්ටිය කිව්වෙ BIT degree එක කරන්ඩ කියලා. ඒකෙ පිළිගැනීම කොහොමද. ඒ වගේ degree එකක් තියාගෙන අපිට යන්ඩ පුලුවන් professions මොනාද. salaries එහෙම කොහොමද. තව මොන මොන quilifications ද හොඳ, කරුණාකරලා දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද..
