Tuesday, September 8, 2009

ජීවිතේ තවත් එක් කටුක පරාජයක්.

අප්පා...සති ගානකට පස්සෙ තමයි ඉතින් මේ post එකක් දාන්නෙ. මොනා කරන්ඩද ඉතින්, වෙලාවක් තිබුනෙ නැහැ. කිව්වත් වගේ මම පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයට තේරුනා. එකේදි computer science කරන උදාර පරමාර්ථයෙන් යුතුව මමත් ඉතින් මාසයක් හමාරක් තිස්සේ ඉඳන් campus එකට ගියා. අපිට ගිය සතියේ අපේ course combinations තෝරගන්න තිබ්බා.

දාන්න තිබ්බ choices 5න් 4ක් ම දැන්මෙ computer scinence තියෙන combinations. අන්තිමට කෝකටත් කියල royal combination(chemistry, maths, physics) එක දැම්මා.

අපි select උන courses මොනාද කියල ඊයේ අපිට දැනගන්ඩ ලැබුනා.පූරුවේ කරලා තියෙන පව් වල මහත කියන්නෙ, පළවෙනි combinations 4න් එකකටවත් මං select වෙලා තිබ්බේ නැහැ. select වෙලා තිබ්බෙ අර royal combination එකට. පිස්සු වගේ. ලෝකෙම එපා උනා වගේ තේරුනා. මේ education system එකත් එක්ක ආපු තරහ මට කියල නිම කරන්ඩ බැහැ. සමහර කට්ටිය 2nd year එකේදි computer science අතාරින්ඩ හිතාගෙන බොරුවට computer science තියෙන combinations තෝරගෙන. ඒගොල්ලන්ට z-scores වැඩි නිසා ඒගොල්ලන්ට computer science හම්බුවෙලා. තවත් සමහර කට්ටියට දුෂ්කර පළාත් වලින් ආවා කියල මටත් වඩා z-score එක හුගක් අඩු අයට computer science හම්බවෙලා..

දැන් ඉතින් මොනා කරන්ඩද. apeal එකකුත් දැම්මා, ඒ උනාට ඒකටත් select වෙන්නෙ නැති වෙයි. දැන් ඉතින් හිත යටින් අඬ අඬා අර හම්බුන මගුල් royal combination එක කරනවා.

ඒ උනාට මගේ පරම ආශාව තමයි, computer pragramming side එකේ ඉස්සරහට යන එක. ඉතින් මට ඒ goal එකට යන්න පුලුවන් වෙන වෙනත් පාරවල් දන්නවනම් කරුණාකරල කියනවද.හුඟක් කට්ටිය කිව්වෙ BIT degree එක කරන්ඩ කියලා. ඒකෙ පිළිගැනීම කොහොමද. ඒ වගේ degree එකක් තියාගෙන අපිට යන්ඩ පුලුවන් professions මොනාද. salaries එහෙම කොහොමද. තව මොන මොන quilifications ද හොඳ, කරුණාකරලා දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද..

9 comments:

  1. monawa karannada malli,ohoama thamay.api hithana de wenen na ne hama welawema

    oyata mewa karanna puluwan ne

    BIT external degree-esoft,IDM ,SLIIT eken weekend karanna puluwan

    APIIT,IIT,NIBM eken part time degree programme ekakata join wenna puluwan.habay salli godak yanawa.

    ReplyDelete
  2. මා නම් හිතන්නේ නැහැ ඔය කියන royal combination ට වඩා computer science හොඳයි කියලා. (physics, chemistry maths) කිරීම computer science ඉගෙන ගැනීමට බාධාවකුත් නෙවෙයි.

    මීට අවුරුදු 10කට පෙර මාවත් computer science වලට නොතේරී (maths+physics) වලට තේරුනාම මටත් හිතුනේ ඔහොමමයි. නමුත් දැන්නමැ හිතෙන්නේ එහෙම වුනේ මගේ වාසනාවකට කියලයි.

    ඔය කියන (royal combination) එක හොඳින් කරගන්න. බොහෝ දුරට computer science වල ප්‍රමුඛයෝ computer science වලින් පටන් ගත්ත අයත් නෙවෙයි.

    ReplyDelete
  3. ඇයි යකඩො! Chemistry හොඳයිනේ බං.... හොඳ තැනකට යන්න පුළුවන්... මම හිතන්නෙ සමහරවිට spectra analysis, statistical chemistry වගේ දේවලදි programming ඉගෙනගන්න ලැබෙයි. සැලෙන්නෙ නැතුව ඕක කරන්න.

    IT කැමති නම් BIT කරන්න... හැබැයි IT කියන්නෙ technology මිසක් science නෙමෙයි... මට වැරදුණේ ඔය දෙකේ වෙනස නොදැන IT තෝරගත්ත එකෙන්. :(

    ReplyDelete
  4. @chamara >> ow mamath hithan inne bit ekawath karanda kiyala. ake piligeneema ehema kohomada, jobs walata yaddi( computer programming side eke )...

    @ප්‍රසාන් හෙට්ටිආරච්චි >> ඔව්, මගේ යාළුවොත් මට කියන්නෙ ඕකම තමයි. අඳුරන අයියල එහෙමත් කියන්නෙ computer science එහෙම පිටින් කරතහැකි, ඒ උනාට chemistry, physics වගේ ඒව පිටින් කරන්ඩ බෑනෙ. ඒක හින්දා මහන්සිවෙලා මේ ලැබිච්ච combination එක කරන්ඩ කියල.මමත් දැන් හිතන් ඉන්නෙ එහෙම කරන්නං කියලා. වෙන විකල්පයකුත් නැති එකේ, මේ ලැබිච්ච combination එකවත් හොඳට කරල ගොඩ යන්ඩ බලන්ඩ ඕනෙ.

    @ශාකුන්තල >> ඔව් අයියා. අර කතාවකුත් තියෙනවනෙ ලද දෙයින් සතුටු වෙන්න ඕනෙ කියලා. කොහොමත් මම computer scinece තරම්ම නොවුනත් chemistry වලටත් හුඟක් ආසයි. ගිය නුවණ ඇතුන් ලවාවත් අද්ද ගන්න බෑ කියනවනේ. ඒක හින්ද දැන් කොහොම හරි මහන්සි වෙලා chemistry special එකකට පැන ගන්ඩ තමා හිතන් ඉන්නෙ.බලමුකෝ තව ඉස්සරහට මොනවයින් මොනව සිද්ධ වෙයිද කියල.

    ඕගොල්ලො තුන් දෙනාටම reply කරාට බොහොම ස්තූතියි. thank you very much.... :)

    ReplyDelete
  5. ekane dan oya lassanata royal eka karagena yanne
    dannawada.. 'everything hapns 4 a reason'
    who knows oya chem walin hari physics walin hari spcl ekakui computer side ekenui deken ma issarahata giyoth marai ne :)
    dnt gv up frnd
    all da bst 4 u ..

    ReplyDelete
  6. its k dude....u can do Computer any time bcoz u having a Computer Brain...Best of Luck Maha...dont be sad if u wanna to do Computer Programming do it frm IJTS i heard its da best Programming College in SL and Certificates are much Valuable so try to do da Programming in there i knw u can be da best in Programming

    ReplyDelete
  7. developer කෙනෙක් වෙන්න කැම්පස් එකේදි කම්පියුටර් සයන්ස් කරන්නම ඕනෙ නෑ මල්ලියෙ. තනියම ඉගෙනගනිං. කොම්පියුටර් පැත්තෙන් පොඩි බාහිර දේවල් එකක් දෙකක් කරපං අර “කොලිෆිකේෂන්“ කියන එක හදාගන්න. ඒ කිව්වෙ Java කරනවනං SCJP, .NET කරනවනං MS එක්සෑම් වගේ එකක් කරපං. නැත්තං BIT (UCSC) කරපං.

    වැදගත්ම දේ, කවදහරි ජොබක් හොයාගෙන ඉන්ටර්විව් එකකට ගියාම, මම මෙන්න මේ දේවල් කරලා තියෙනවා ප්‍රොග්‍රැමිං සයිඩ් එකෙන්, කියලා පෙන්නන්න පුලුවන් විදියට පොඩි පොඩි ප්‍රොෙජක්ට් දෙකතුනක් හොයාගෙන කරපං. අලුත් සොෆ්ට්වෙයා දෙකතුනක් හදපං, පුලුවන් නං clientලා හොයාගෙන.

    කැම්පස් එකේ computer science කරපු පලියට ඒ ෆීල්ඩ් එකේ රස්සාවල් හම්බුවෙන්නෙ නෑ. මොකද physical science ඩිග්රියෙ එක සබ්ජෙක්ට් එකක් විතරයි CSC. CSC වලට සිලෙක්ට් උනාම මමත් හිතුවෙ අඩේ ගොඩම තමා කියලා. දැන් තමා රඟේ තේරෙන්නෙ.

    ReplyDelete
  8. බොහොම ස්තූතියි අය්යේ comment එකට.... මං මේ පාර BIT එක කරන්නන් කියල තමයි ඉන්නෙ.... ඉක්මනටම රෙජිස්ටර් වෙන්ඩ ඕනෙ.. අන්තිම දවස 31st july ලු.... ඔව් ඔව්..ඔය project scen එක මටත් හුගක් අය කියල තියෙනවා.... ඒවත් ඉක්මන්ටම කරන්න තමයි හිතන් ඉන්නෙ... ඔය පොඩි පොඩි softwears කිහිපයක් නන් තියෙනවා.. ඒ උනාට ආය මුලක ඉඳන් වැඩ ටික පටන් ගන්න ඕනෙ... :)

    ReplyDelete