Wednesday, May 27, 2009

ubuntu වලට සිංහල දැමීම.

ඔන්න ඉතින්, මම ubuntu වලට softwares, drivers එහෙම දාල, හා හා පුරා කියල net එක surf කරන්ඩ ගත්තා. ටික වෙලාවක් මෙහෙම net surf කර කර ඉන්නකොට සිංහල බ්ලොග් එකක link එකක් හම්බවෙලා ගිහින් බලද්දි, මෙන්න වැඩක්,,, සමහර සිංහල අකුරු හරියට පේන්නේ නැහැ. ඉස්පිල්ල වෙනුවට හල් කිරීම තමයි හැම තැනම තියෙන්නෙ. එතකොට තමයි මට meterrr උනේ මං සිංහල යුනිකේත ස්ථාපනය කරේ නෑ කියල.ඔන්න ඉතින් මම හිතුව ඒක ubuntu වලට install කරන හැටි, ඔක්කොටොම කියල දුන්නොත් හොඳයි කියල. මෙන්න මෙහෙමයි.. scene එක කරන්නෙ.

  • ඉස්සෙල්ලම බලන්ඩ ඕන ඔයාගෙ ubuntu machine එකේ "Universe repository" On කරලද තියෙන්නෙ කියල, එහෙම On කරල නැත්තම් ඉස්සෙල්ලම ඒක On කරගෙන ඉන්න. ඒක කරන හැටි බලන්න මෙතන කොටන්න.

  • එහෙම කරල නන් තියෙන්නෙ ඉතින්, දැන් terminal එක On කර ගන්න.

  • දැන් terminal එකේ ඉඳගෙන මෙන්න මෙහෙම type කරලා enter කරන්න.
    sudo apt-get install ttf-sinhala-lklug scim scim-gtk2-immodule im-switch scim-m17n m17n-db m17n-contrib language-pack-si-base

    ඊළගට sudo password එක එහෙම දීලා ආයෙත් enter කරන්න.

  • එතකොට ඔයාගෙන් ආයෙත් අහනවා මේක install කරන්න ඕනෙද කියල. එතකොට "y" key එක press කරලා enter එක press කරන්න.

  • එහෙම install වෙලා ඉවර උනාට පස්සෙ, terminal එකේ මෙන්න මෙහෙම type කරලා enter එක press කරන්න.
    rm -f ~/.xinput.d/* ; im-switch -z all_ALL -s scim-immodule

  • දැන් වැඩ ඔක්කොම හරි. machin එක restart කරාට පස්සෙ හොඳට සිංහල අකුරු පෙනෙවි. ( restart කිරීමට කම්මැලි නම්, logout වීමද ප්‍රමාණවත් ය )

3 comments:

  1. restart කල යුතු නෑ. Logout වෙලා නැවත Log උනාම ඇති.

    ReplyDelete
  2. ඔව්... restart කිරීම අත්‍යවශ්‍ය නොවේ, මම එය වරහන් තුළ දාල තියෙන්නෙ. සාමන්‍යයෙන් අපි ඔය වගෙ scene එකක් කරහම machine එක restart කරනවනෙ. මෙකෙදි අවශ්‍ය වෙන්නෙ environment variavles එහෙම set කිරීම නිසා restart නොකර logout වෙලා ආයෙත් log උනාම හොඳටම ඇති.

    ReplyDelete
  3. ලිනක්ස් වලදි මෘදුකාංගයක් ස්ථාපනය කරත් මැෂින් එක restart කරන්න ඕන නෑ. වින්ඩෝස් වගේ නෙමෙයි.

    ReplyDelete