Wednesday, April 8, 2009

Ubuntu

මෙය කියවන ඔබ බොහෝ දෙනා මේ වන විටත් windows මෙහෙයුම් පද්ධතිය භාවිතා කරනවාට සැක නැත.සමහරක් දෙනා වෙන මෙහෙයුම් පද්ධති ගැන අසා නැතුවාත් ඇති..
නමුත් සමහරක් දෙනා මීට හත්පසින් වෙනස් වීමට ද පුලුවන.. සමහරක් දෙනා තමන්ගේ මෙහෙයුම් පද්ධතිය ලෙස windows වලින් මුළුමනින්ම බැහැර වී වෙනම මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරනවා ඇති. තවත් සමහරක් පිරිස windows මෙහෙයුම් පද්ධතිය හා තවත් වෙනයම් මෙහෙයුම් පද්ධතියක් භාවිතා කරනවා ද ඇති.
කෙසේ වෙතත් මේ වන විට මම windows මෙහෙයුම් පද්ධතිය සමග linux mint මෙහෙයුම් පද්ධතිය භාවිතා කරමි.
නමුත් මෙතෙක් කල් මම භාවිතා කර ඇති හොදම මෙහෙයුම් පද්ධතිය වන්නේ Ubuntu නැමැති මෙහෙයුම් පද්ධතියයි. විවෘත කේත මෙහෙයුම් පද්ධතියක් වන මෙම මෙහෙයුම් පද්ධතිය ඔබේ නිවසටම නොමිලයේ ගෙන්වා ගත හැකිය. ඒ සදහා මෙම link එක click කරන්න.
එසේත් නොමැති නම්..ඔබට මෙය අන්තර්ජාලය හරහා ද නොමිලයේ බාගත කිරීමේ හැකියාව ඇත.....ඒ සදහා මෙම link එක click කරන්න...
මම ubuntu මෙහෙයුම් පද්ධතිය භවිතා කරන කාලයේදී ගත් චායාරූප කිහිපයක් පහත දැක්වේ....

No comments:

Post a Comment