Friday, October 1, 2010

Barn Buddy Credits ගන්න.....

මේ මගේ යාලුවෙක්ගෙ(D.K) වදේට බේරෙන්ඩ බැරි නිසයි මේක ලියන්නෙ. මන් හිතන්නෙ facebook use කරන ඔක්කොම වගේ දන්නව ඇතිනෙ barn buddy කිව්වම මොකක්ද කියල. දන්නැත්තන්, barn buddy කියන්නෙ facebook එකේ තියෙන පොඩි game එකක්. මේක play කරන අය දන්නව ඇති මේක ගහද්දි ඔය සත්තු අනන් මනන් ගන්ඩ credits කොච්චර වැදගත් වෙනවද කියල. ඉතින් මෙන්න මේ credits ගන්න ක්‍රමයක් තමයි අද මන් කියන්ඩ යන්නෙ. මේක මහා ලොකු හැක් එකක් එහෙම නෙමෙයි ඕන්. Barn Buddy Credits ගන්න පොඩි ජිල් මට් එකක් විතරයි. BB credits ගන්ඩ ක්‍රම 2ක් තියෙනවා. එකක් තමයි ඉතින් credit card එකකින් සල්ලි ගෙවල ගන්න එක.අනිත් එක තමයි barn buddy එකෙන්ම offer කරන offers කොම්ප්ලීට් කරල credits ගන්න එක. කවුරුත් ඉතින් credit card එකක් දාල ඔය credits ගන්ඩ තරම් මෝඩ නැතුව ඇතිනෙ. ඉතින් අපි වගේ කට්ටිය කරන්නෙ ඔය barn buddy එකෙන් දෙන offers complete කරල credits ටිකක් ගන්න එක. නමුත් කරුමෙ කියන්නෙ. ඔය වගේ offers තියෙන්නෙ හරි සීමත ප්‍රමාණයක් නෙ.ඉතින් ඒ ටික කරල ඉවර උනාම හබක් තමයි. :P ...
නමුත් ඇත්ත කතාව තමයි, ඒ වගේ offers ගොඩක් BB එකෙන් දෙනව, නමුත් ඒවා ලංකාවෙ ඉන්න අපිට පේන්නෙ නෑ. ඉතින් දැන් මන් මේ කියන්න යන ක්‍රමෙන් වෙන්නෙ ඒ නොපෙනෙන offers පෙන්න ගන්න එක. මේකයි ක්‍රමේ...................

ඉස්සෙල්ලම මෙන්න මේ softwear එක ඩවුන්ලෝඩ් කරගන්න.
                               ක්ලික් කොරන්න
දැන් ගිනි නරියා(firefox) open කර ගන්න. දැන් facebook එකට ගිහින්, barn buddy එකට යන්න. එතකොට ඔයාලටත් මෙන්න මේ වගේ එකක් පෙනෙයි.
 පේනවනෙ දැනට මට පේන offers ගාන. දැන් අර softwear එක double click කරල open කරගන්න.
එතකොට මෙන්න මේ වගේ එකක් ඔයාලට පෙනෙයි. දැන් මේ window එක minimize කරන්න.දැන් ආයෙත් firefox එකට ගිහින් අර barnbuddy page එක refresh කරන්න. එතකොට මෙන්න මේ වගේ ස්ක්රීන් එකක් ඔයාලට පෙනෙයි.

 දැන් කොහොමද පෙනෙන ගොඩ. දැන් ඉතින් කරන්න තියෙන්නෙ ඕව click කරල ඒ offers complete කරන එක තමයි. ඔය හැම offer එකකින්ම ඇත්තටම credits හම්බවෙන්නෙ නෑ. සමහර ඒව ගොන් පාට්.තම තමන්ගේ වාසනාව අනුව තමයි ඉතින් credits ගන්න වෙන්නෙ. මන් නන් හුගක් credits ඔය විදිහට අරන් තියෙනවා. හැබැයි ලගදි නන් ගත්තෙ නෑ. නමුත් මන් දන්න තරමින් ඕක තාමත් වැඩ.(මගේ යාලුවො ඔය විදිහට තාමත් credits ගන්නවා).ආ තව එකක්.,, ඔය softwear එක use කරද්දි හිටපු ගමන් page එක load වෙන්නැතුව එහෙම යනවා. එතකොට ඉතින් කරන්ඩ තියෙන්නෙ refresh කරන එක තමයි.. හරි ඇනට් එකක් , නමුත් ඉතින් සමහර අයට credits කියන්නෙ නැතුවම බැරි දෙයක් නෙ....නේ....... :P

මේ තව කාරනයක් තියෙනව..ඔය offers complete කරද්දි තමන්ගේ පෞද්ගලික තොරතුරු එහෙම දීලා අන්තිමට මට කියන්න නන් එපා..හරිද... 

Sunday, July 25, 2010

Real time sinhala unicode convertor එකට සමුදෙමු......

ඔන්න ඉතින් කාලෙකට පස්සෙ ආයෙත් blog එක ලියන හින්දා, හැමෝටම වගේ වැඩකට ඇති දෙයක් දාන්ඩ ඕනෙ කියල හිතුනා... අපි මේ unicode වලින් type කරනකොට ගොඩක් වෙලාවට කරන්නෙ,  real time unicode convertor එකට ගිහින් නිකන් sms ගහනවා වගේ type කරලා, ඒක copy , past කරන එකනේ.... ඉතින් දැන් මං මේ කියන්න යන්නෙ ඊටත් වඩා ලේසි  ක්‍රමයක් ගැන......අන්තර් ජාලයේ සැරි සරද්දි තමයි මටත් මේක හම්බුනේ...

මේක Firefox එකට දාගන්ඩ පුලුවන් extension එකක්... පාවිච්චි කරන්න හරිම ලේසියි...මෙන්න මේකයි කරන්න ඕනෙ... ඉස්සෙල්ලම මෙන්න මේ link එකට යන්ඩ. එතන තියෙනවා "Add to Firefox" කියලා button එකක්... අන්න ඒක click කරන්ඩ,, එහෙම scene එක කරලා browser එකත් restart එහෙම කරලා, ඔයාට සිංහලෙන් type කරන්න ඕනෙ තැනට යන්න..( comment box, text boxes වගේ...කොටින්ම කිව්වොත් firefox එක ඇතුලෙ අකුරක් type කරන්න පුලුවන් ඕනම තැනක වගේ මේක වැඩ. )  .. ඒකොල්ලා, keyboard එකේ තියෙන F8 කියන key eka ඔබන්න.. එතකොට browser එකේ යට කොනේ( status bar එකේ ) "අ" අකුරක් පෙනෙයි...ඒ කියන්නෙ දැන් ඔයා type කරන ඒවා type වෙන්නෙ සිංහලෙන් කියන එක. ඊට පස්සෙ කරන්න තියෙන්නෙ අර සාමාන්‍ය විදිහටම ( අපි සිංහලෙන් sms ගහන විදිහට ) type කරන එක.... මැදින් ඉංග්‍රීසි වචනයක් දාන්ඩ ඕනනන් කරන්න තියෙන්නෙ F8 key එක තව පාරක ඔබන එකයි, එතකොට අර "අ" වෙනවුට එතන "a" අකුරක් වැටෙයි,,, ඒ කියන්නෙ දැන් type වෙන්නෙ ඉංග්‍රීසියෙන් කියන එක.... හරිම simple මෙයා... :P ... ..


facebook එකේ comment කරන්ඩ එහෙම යද්දි මරු.......ගින්දර වගේ වැඩ....

ආ තව එකක්..... මේකෙ keyboard layout එකක් නන් හොයාගන්ඩ බැරි උනා.. ඒ උනාට අවුලක් නෑ,, අපිටම try කරලා අල්ල ගන්ඩ පුලුවන්.... ටිකක් අවුල් යන අකුරු 2ක් 3ක් type කරන හැටි මං දාන්නන්..... තව ඕගොල්ලො හොයා ගන්න ඒවත් දාන්න.... :) ...

ං( බිංදුව ) = NG
ඟ = NGa
ක්‍ර = kRa

ඳ = Nda
ඞ = NDa
ශ = SHa

අඃ ( ඔය තියෙන බෝල දෙක ) = AK


"ළ" එහෙම ගහන හැටි නන් මට තාම හොයා ගන්ඩ බැරි උනා..ඒ අකුර එච්චර පාවිච්චි වෙන්නෙ නෑනෙ.. :P

edited >>>

prabash සොයුරාට ස්තූත්යි වෙන්ඩ ඔන්න "ළ" ගහන හැටිත් දැනගත්තා...

ළ = lha 

Thursday, July 22, 2010

මාගේ දඩු මොණරා......

අප්පේ..... සෑහෙන කාලෙකට පස්සෙ තමයි ඕන් blog post එකක් දාන්ඩ යන්නෙ..... මං හිතන්නෙ දැන් අවුරුද්දක් විතර ඇති කලින් අන්තිම post දාලා.... මොනා කරන්ඩද ඉතින්,,,වැඩ වැඩ වැඩ ... :P ... වැඩ කිව්වට ඉතින් එහෙමට කියලා වැඩකුත් නේ..... ඒ උනාට ඉතින් free times උත් අඩුයි ඉතින්.... campus එකට ගියත් හරි මොකක් හරි exam එකක් තිබ්බෙ නැති සතියක් හොයා ගන්ඩ බැරි තරම්..... දැන් ඉතින් ඕවා කතා කරලා වැඩක් නෑ... දැන් අපි මාතෘකාවට බහිමුකෝ....

 මේ ලග දි මගේ උපන් දිනේ තිබ්බනේ........... මේ පාර උපන් දිනේට මට ගින්දර වගේ තෑග්ගක් ලැබුනනේ.... :P .... තෑග්ග තමයි,,, Yamaha Fz 16 bike එකක්..... සතුට කියා නිම කරන්ඩ බෑ.... :) ..... මීට කලින් මං තාත්තගේ mate එක තමා පැද්දෙ.,.,..,. ඒක පැදල දැන් මේක පදිනකොට, නිකන් අපායයි දිව්‍ය ලෝකෙයි වගේ....... තාම 60km වගේ තමයි පැද්දේ..... කරුමෙ කියන්නෙ තාම license එක නෑනේ... :P ... ලර්නර්ස් එකකට යන්ඩ නං පටන් ගත්තා... අඩුම ගානෙ තව සති 2ක් වත් යයි L බොර්ඩ් එක ගන්ඩ.... එතකොට ඉතින් කුරුල්ලා වගේ තමයි..... .. මෙන්න බලන්ඩකෝ දඩුමොණරේ හැටි.... :) ...

 Yamaha Fz-16 Technical Details and Specifications




Engine

Engine type     Air-cooled, 4-stroke, SOHC, 2-valve
Displacement    153.0cm3
Bore & Stroke    58.0 × 57.9mm
Compression ratio    9.5:1
Maximum output    14PS / 7500 rpm
Maximum torque    14 N.m / 6000 rpm
Starting method    Electric starter
Lubrication type    Wet sump
Carburetor type    BS26
Clutch type    Constant mesh wet multiplate
Ignition type    CDI
Primary/secondary reduction ratio    3.409 / 2.857
Transmission type    Return type 5-speed


Chassis

Frame type    Diamond
Suspension (front/rear)    Telescopic / Monocross
Wheelbase    1,335mm
Brake type(front/rear)    Hydraulic single disc / drum
Tire size (front/rear)    100/80-17 / 140/60-R17

Dimensions

Overall Length × Width × Height    1,975mm × 770mm × 1,045mm
Seat height    790mm
Wheelbase    1,335mm
Minimum ground clearance    160mm
Dry weight/Curb weight    126 kg / 137 kg
Fuel tank volume    12 liters
Engine oil volume    1.2 liters




Tuesday, September 8, 2009

ජීවිතේ තවත් එක් කටුක පරාජයක්.

අප්පා...සති ගානකට පස්සෙ තමයි ඉතින් මේ post එකක් දාන්නෙ. මොනා කරන්ඩද ඉතින්, වෙලාවක් තිබුනෙ නැහැ. කිව්වත් වගේ මම පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයට තේරුනා. එකේදි computer science කරන උදාර පරමාර්ථයෙන් යුතුව මමත් ඉතින් මාසයක් හමාරක් තිස්සේ ඉඳන් campus එකට ගියා. අපිට ගිය සතියේ අපේ course combinations තෝරගන්න තිබ්බා.

දාන්න තිබ්බ choices 5න් 4ක් ම දැන්මෙ computer scinence තියෙන combinations. අන්තිමට කෝකටත් කියල royal combination(chemistry, maths, physics) එක දැම්මා.

අපි select උන courses මොනාද කියල ඊයේ අපිට දැනගන්ඩ ලැබුනා.පූරුවේ කරලා තියෙන පව් වල මහත කියන්නෙ, පළවෙනි combinations 4න් එකකටවත් මං select වෙලා තිබ්බේ නැහැ. select වෙලා තිබ්බෙ අර royal combination එකට. පිස්සු වගේ. ලෝකෙම එපා උනා වගේ තේරුනා. මේ education system එකත් එක්ක ආපු තරහ මට කියල නිම කරන්ඩ බැහැ. සමහර කට්ටිය 2nd year එකේදි computer science අතාරින්ඩ හිතාගෙන බොරුවට computer science තියෙන combinations තෝරගෙන. ඒගොල්ලන්ට z-scores වැඩි නිසා ඒගොල්ලන්ට computer science හම්බුවෙලා. තවත් සමහර කට්ටියට දුෂ්කර පළාත් වලින් ආවා කියල මටත් වඩා z-score එක හුගක් අඩු අයට computer science හම්බවෙලා..

දැන් ඉතින් මොනා කරන්ඩද. apeal එකකුත් දැම්මා, ඒ උනාට ඒකටත් select වෙන්නෙ නැති වෙයි. දැන් ඉතින් හිත යටින් අඬ අඬා අර හම්බුන මගුල් royal combination එක කරනවා.

ඒ උනාට මගේ පරම ආශාව තමයි, computer pragramming side එකේ ඉස්සරහට යන එක. ඉතින් මට ඒ goal එකට යන්න පුලුවන් වෙන වෙනත් පාරවල් දන්නවනම් කරුණාකරල කියනවද.හුඟක් කට්ටිය කිව්වෙ BIT degree එක කරන්ඩ කියලා. ඒකෙ පිළිගැනීම කොහොමද. ඒ වගේ degree එකක් තියාගෙන අපිට යන්ඩ පුලුවන් professions මොනාද. salaries එහෙම කොහොමද. තව මොන මොන quilifications ද හොඳ, කරුණාකරලා දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද..

Friday, July 24, 2009

අල ද වැල ද

අප්පා...... සෑහෙන කාලෙකට පස්සෙ තමයි ඉතින් ලිපියක් ලියන්නෙ. මේ දවස් ටිකේම වැඩ ගොඩක් තිබ්බා. ඒකයි බැරි උනෙ....

ඉතින් ඔන්න මමත් යාන්තන් peradeniya science faculty එකට select උනා. මං හිතුවා දැන් ඔක්කොම ප්‍රශ්න හරි කියල. බලපුවාම් දැන් තමයි ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ. අල( antirag ) ද වැල( rag ) ද කියල තීරණය කරන එක තමා දැන් මට තියෙන ලොකුම ප්‍රශ්නෙ.

එක එක කට්ටිය එක එක ඒව කියනවා. අල කට්ටිය අල හොඳයි කියනවා. වැල කට්ටිය වැල හොඳයි කියනවා. මට නිකන් හොල්මන් වගේ. අල අය කියනවා වැල උනාම campus එක ඇතුලෙ දේශපාලනය කරන්ඩ වෙනව, studies එහෙමත් හරියට කරගන්ඩ වෙන්නෙ නැහැ අනං මනං කියල.

වැල කට්ටිය කියනව අල උනාම campus එකේ හැමතැනම ඇවිදින්ඩ කරන්ඩත් බෑ, ගනන් ගන්නෙත් නෑ අනං මනං කියල.

මට දැන් හිතාගන්ඩ බැහැ කෝකට යන්ඩද කියල. ඔය දෙකටම නැති එකක් නැද්ද මන්දා....

ඕගොල්ලන්ටවත් පුලුවන්ද මට පොඩි අදහසක් දෙන්න කෝකට ගියොත්ද හොඳ කියල....

අනේ plzz plzzzzz plzzzzzzzzz plzzzzzzzzzzzzzzzz plzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

Wednesday, May 27, 2009

ubuntu වලට සිංහල දැමීම.

ඔන්න ඉතින්, මම ubuntu වලට softwares, drivers එහෙම දාල, හා හා පුරා කියල net එක surf කරන්ඩ ගත්තා. ටික වෙලාවක් මෙහෙම net surf කර කර ඉන්නකොට සිංහල බ්ලොග් එකක link එකක් හම්බවෙලා ගිහින් බලද්දි, මෙන්න වැඩක්,,, සමහර සිංහල අකුරු හරියට පේන්නේ නැහැ. ඉස්පිල්ල වෙනුවට හල් කිරීම තමයි හැම තැනම තියෙන්නෙ. එතකොට තමයි මට meterrr උනේ මං සිංහල යුනිකේත ස්ථාපනය කරේ නෑ කියල.ඔන්න ඉතින් මම හිතුව ඒක ubuntu වලට install කරන හැටි, ඔක්කොටොම කියල දුන්නොත් හොඳයි කියල. මෙන්න මෙහෙමයි.. scene එක කරන්නෙ.

  • ඉස්සෙල්ලම බලන්ඩ ඕන ඔයාගෙ ubuntu machine එකේ "Universe repository" On කරලද තියෙන්නෙ කියල, එහෙම On කරල නැත්තම් ඉස්සෙල්ලම ඒක On කරගෙන ඉන්න. ඒක කරන හැටි බලන්න මෙතන කොටන්න.

  • එහෙම කරල නන් තියෙන්නෙ ඉතින්, දැන් terminal එක On කර ගන්න.

  • දැන් terminal එකේ ඉඳගෙන මෙන්න මෙහෙම type කරලා enter කරන්න.
    sudo apt-get install ttf-sinhala-lklug scim scim-gtk2-immodule im-switch scim-m17n m17n-db m17n-contrib language-pack-si-base

    ඊළගට sudo password එක එහෙම දීලා ආයෙත් enter කරන්න.

  • එතකොට ඔයාගෙන් ආයෙත් අහනවා මේක install කරන්න ඕනෙද කියල. එතකොට "y" key එක press කරලා enter එක press කරන්න.

  • එහෙම install වෙලා ඉවර උනාට පස්සෙ, terminal එකේ මෙන්න මෙහෙම type කරලා enter එක press කරන්න.
    rm -f ~/.xinput.d/* ; im-switch -z all_ALL -s scim-immodule

  • දැන් වැඩ ඔක්කොම හරි. machin එක restart කරාට පස්සෙ හොඳට සිංහල අකුරු පෙනෙවි. ( restart කිරීමට කම්මැලි නම්, logout වීමද ප්‍රමාණවත් ය )

මම ආයෙත් Ubuntu වලට මාරු උනා.(simple plan)

ඔන්න ඉතින් සෑහෙන කාලෙකට පස්සෙ මම අද post එකක් දාන්නයි යන්නෙ. අද මට full happy. ඕගොල්ලන්ට වැඩකට ඇති දෙයක් ගැන නොවුනත් ඒකයි මෙන්න මේ post එක ලියන්ඩ හිතුනෙ.

මගේ තියෙන්නෙ onbourd via rhine network interface එකක්, ඉතින් ඒ network card(card කිව්වට ඉතින් on-board එකක් තමයි) එකෙන් මම ඉස්සර ලිනක්ස් හරහා ඉන්ටර්නෙට් ගිය නමුත්, සෑහෙන කලක් සිට මට ලිනක්ස් versiond(distros) වලින් net එකට connect වෙන්න බැරුවයි හිටියෙ, දන්න වැඩ ඔක්කොම කරලා බැලුවා ඒ උනාට හරි ගියෙ නෑ. ඉතින් ඔහොම ඉන්නකොට ඊයෙ මට අලුත් ubuntu 9.04 cd pack එක ලැබුනා.දා ගන්ඩ ආසාවෙ බෑ. ඒ උනාට ඉතින් ඉන්ටර්නෙට් වැඩ නැහැනෙ.... ඔන්න එතකොට තමයි අපේ නයි හාමි(ප්‍රභාත්) මට කිව්වෙ used netword card එකක් Rs.250/ Rs.350 වෙයි කියල. මගෙ ඉහේ මලක් පිපුනා වගේ, කොහොම හරි අප්පච්චිගෙන් Rs.500 ඉල්ලගෙන network card එකක් ගන්ඩ කියල පිටත් උනා. නුවරට යන්ඩ කම්මැලි හින්ද ටිකක් ගනන් වැඩි උනත් කමක් නැහැ කියල මුල්ගම්පළින් බැලුවා එකක්. ඒක Realtek 8139. ගාන Rs.350. නුවර ගියා නම් Rs.250 ට විතර ගන්ඩ තිබ්බා. ඒ උනාට කම්මැලිකම ඉහටත් උඩින් කියනවනෙ. ඒක හින්ද ඔන්න ඔහේ ඒක ගත්තා.
ඔන්න ඉතින් ඒක ගෙදර ගෙනල්ල ගහලා live cd එක දාල බැලුවා. අම්මටහුඩු, මෙන්න බඩු ගින්දර වගේ වැඩ. කිසි කතාවක් නැතුවම network card එක detect කරගත්තා. දැන් නිකන් බබා වගේ net connect වෙනවා.

දැන් ubuntu එක්ක net එකත් වැඩ, අප්පච්චි දුන්න Rs.500 නුත් ඉතිරි Rs.150 වමට, ඒ මදිවට මං නොයෙයි කියලා බයේ හිටිය අර ugc post card එකත් ආවා......මට ඉතින් full සෙන්ටිමෙන්ටල්.....

ubuntu දැම්මට පස්සෙ ඉස්සෙල්ලම කරේ compiz එක දාපු එක. ඔන්න දැන් අපි ආයෙත් fully ubuntu. windows එක වැරදිල on උනොත් තමයි ඉතින් ආයෙ...

නයෝ.....මට උදව් කරාට උඹට ගොඩාරියක් ස්තූතියි...