Friday, July 24, 2009

අල ද වැල ද

අප්පා...... සෑහෙන කාලෙකට පස්සෙ තමයි ඉතින් ලිපියක් ලියන්නෙ. මේ දවස් ටිකේම වැඩ ගොඩක් තිබ්බා. ඒකයි බැරි උනෙ....

ඉතින් ඔන්න මමත් යාන්තන් peradeniya science faculty එකට select උනා. මං හිතුවා දැන් ඔක්කොම ප්‍රශ්න හරි කියල. බලපුවාම් දැන් තමයි ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ. අල( antirag ) ද වැල( rag ) ද කියල තීරණය කරන එක තමා දැන් මට තියෙන ලොකුම ප්‍රශ්නෙ.

එක එක කට්ටිය එක එක ඒව කියනවා. අල කට්ටිය අල හොඳයි කියනවා. වැල කට්ටිය වැල හොඳයි කියනවා. මට නිකන් හොල්මන් වගේ. අල අය කියනවා වැල උනාම campus එක ඇතුලෙ දේශපාලනය කරන්ඩ වෙනව, studies එහෙමත් හරියට කරගන්ඩ වෙන්නෙ නැහැ අනං මනං කියල.

වැල කට්ටිය කියනව අල උනාම campus එකේ හැමතැනම ඇවිදින්ඩ කරන්ඩත් බෑ, ගනන් ගන්නෙත් නෑ අනං මනං කියල.

මට දැන් හිතාගන්ඩ බැහැ කෝකට යන්ඩද කියල. ඔය දෙකටම නැති එකක් නැද්ද මන්දා....

ඕගොල්ලන්ටවත් පුලුවන්ද මට පොඩි අදහසක් දෙන්න කෝකට ගියොත්ද හොඳ කියල....

අනේ plzz plzzzzz plzzzzzzzzz plzzzzzzzzzzzzzzzz plzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

11 comments:

  1. අපි නම් ඔන්න අල

    ReplyDelete
  2. එහෙමද.... ඒ කියන්නේ අලට චන්ද 1යි

    ReplyDelete
  3. මගේ නම් අදහස Campus එකකට අතුලත් වෙනවා කියන්නේ rag වෙන්න ඔනේ කියන එකයි................. නැත්නම් campus ජීවීතේකින් වැඩක් නෑ.................. කොහොම උනත් තමන්ගෙ ඇඟ බෙරගෙන studies කරන්න තමන්ට නුවණක් තියෙන්න ඕනේ................

    ReplyDelete
  4. අල ගියත් වාත උනත් මල්ලි වැඩ කරන එකා වැඩ කරනවා. ඕක ලොකු ප්‍රශ්ණයක් නෙවේ..තව ලොකු ප්‍රශ්ණ ඉස්සරහට එනවා..දේශපාලනයේ බලපැමක් පේරා science එකට නැ...මල්ලි ඔයාගේ මේල් address එක මොකද්ද?

    ReplyDelete
  5. අල වෙයන්.

    කැම්පස් එකේ රවුම් ගහන්න බෑ කියන කතාව බොරු. වැල වෙලා මොකටද නිකං කොහේවත් තියෙන දේශපාලන පක්ෂයකට කඩේ යන්නේ? පක්ෂෙ අරමුදල් තර කරන්න උඹලා කැට අරගෙන පාරක් පාරක් ගානෙ යන්නේ?
    මොකටද උඹට වඩා අවුරුද්දක් කලින් කැම්පස් එකට පය තිබ්බ පලියට ඌට "උතුමාණනි" කියන්නේ? උගෙන් අම්මට තාත්තට කුණුහරුප අහගන්නේ? වධහිංසා කරන්න ඉඩදෙන්නේ?

    හිතපං මේවා ගැන..

    උඹ ස්වාධීන මිනිහෙක් නේද? එහෙනං කැම්පස් එකේදීත් ස්වාධීන වෙන්න, අනුන්ට කඩේ නොයන්න උඹට අයිතිය තියෙනවා. වැලයෙක් වෙලා බැලයෙක් වෙන්න එපා.

    ReplyDelete
  6. @ TCM
    මචං UCSC එකේ තියෙන ජාතියෙ රැගක් නෙමේ පේරෙ තියෙන්නේ. ඒක ඊට වඩා දරුණුයි. ඒවා කන්න අවශ්‍ය නෑ.

    ReplyDelete
  7. @ panhida
    mail address eka--- mahathun.online@gmail.com
    අනේ මන්දා..... දේශපාලනය නං මට අරහං...

    @alagakkonara
    අනේ..... මට නං මෙලෝ දෙයක් තෙරෙන්නෙ නැහැ.... මට අයියල වගයක් කිව්වා..අල උනාම වාත අය එක්ක සම්බන්දකමක් තියා ගන්ඩත් බෑ කියල... ඇවිත් නිකන් තනි වෙලා ඉන්නෙ මොකද කියල උන් කියනව..

    මොනවා කරන්ඩද කියල තේරෙන්නෙ නෑ අනේ......

    ReplyDelete
  8. අපිත් පේරා සයන්ස් තමයි. අපි නම් අල නෙවෙයි; අපි වාත. ඕක ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා. පේරා සයන්ස් එකේ දේශපාලනය නෑ කියල මටත් කියන්න පුළුවන්. ඉගෙනුම් කටයුතු ගැන කියනවා නම් අපේ බැච් එකේ ඉහලම ඉන්නෙ වාත වෙච්චි කොල්ලෙක්. වාත කට්ටියට ඉගෙනුම් අල වෙනවා කියන එක බොරු. ඉගෙනගන්න එකා කොහෙ හිටියත් ඉගෙනගන්නවා.
    අනිත් එක මම මේ වාත වෙන එකේ ප්‍රශ්න නෑ කියනවා නෙවෙයි. ඒවා හරියට පරිපාලනය කරගන්න එක තමන්ගෙ වගකීමක්. තමන් පැසසුම් ලබනවද බැණුම් අහනවද කියන එක තමන් බලාගන්න ඕනෙ. ඇතුලට ඇවිල්ලම බලාගන්නකෝ. සුභ පැතුම්!

    ReplyDelete
  9. කෝකටත් අල හොදා...
    මම හිතන්නේ වැල වෙලා අපි මිනිසුන්ගේ තත්වයෙන් පහත් තත්වෙකට වැටෙනවට වඩා අල වෙලා මනුස්සකම රැකගන්න එක හොදයි කියලා.
    බුද්ධිමත්ව හිතලා ස්වාධීනව තීරණය කරන්න.මොනා නැතත් අධ්‍යපනයට මුල්තැන දෙන්න.සුභ පතනවා ඉදිරි අනාගතයට.

    ReplyDelete
  10. ජීවිතේ අත්දැකීම් ගන්න තියන තැන් මගහරින්න එප මල්ලො... අනික වැල උනාම දෙශපාලනය කරන්න වෙනව කියන්නෙ අල උන අය.. එහෙම වෙන්නෙ නැහැ. තව එකක්... ඔයාට නිදහස් අධ්‍යාපනය ලැබීමෙ අයිතිය අරන් දුන්නෙත් අලයො නෙවෙයි.... ඔයාට ඔය තැනට එන්න උදව් උන ඔයගෙ මොලෙන්ම කල්පනා කරල තීරනයක් ගන්න... මගෙනුත් ඔයාට සුභපැතුම්............!

    ReplyDelete
  11. ඇවිල්ලම බලපං, බලල තීරණය කරපං. කඩේ යන්නෙ නැතුව වාත වෙන මිනිස්සුත් ඉන්නවා. අතික් පැත්තට අලයොත් කඩේ යනවා. අපි වාත

    ReplyDelete