Tuesday, April 21, 2009

autorun.inf file එකට program එකක් attach කරන හැටි.

ඕගොල්ලො දැකල ඇති, සමහර pen drives and cd-rom drives double click කරපු ගමන් වෙන වෙන programms run වෙනව. ඒ විදිහට අපිට ඕන program එකක් run කරගන්න හැටියි දැන් මං මේ කියන්න යන්නෙ.

ඉස්සෙල්ලම ඔයාට එහෙම කරන්න ඕන pen එකේ හරි cd එකේ හරි autorun.inf කියල file එකක් තියෙන්න ඕනෙ.
ඉස්සෙල්ලම notepad එකට ගිහින් මෙන්න මේ විදිහට type කරන්න.






[autorun]
OPEN=your_program.exe


ඊට පස්සෙ මේ file එක autorun.inf කියන නමින් save කරන්න.( ඔතන your_program.exe කියන එක වෙනුවට ඔයාට run කරන්ඩ ඕන program එකේ නම දාන්න. )
ඊට පස්සෙ, ඔයාට run කරන්න ඕන program එකයි දැන් මේ හදපු autotun.inf file එකයි දෙකම අර pen එක හරි cd එක හරි ඇතුලට දාන්න. එතකොට වැඩේ හරි. දැන් ඒ pen/cd එක double click කරපු ගමන්ම අර program එක run වෙනවා.

4 comments:

  1. ලිපිය වටිනවා.හොදයි.ඒත් Autorun වෙන්න හදන CD/DVD එකට icons,Labels දාන හැටිත් කීවනම් තවත් නියමායි.ඒක කරන හැටි මගේ බ්ලොග් එකේ තියෙනවා.

    ( ඉ-නැණ පියස )

    http://www.hasithalk.blogspot.com/2009/04/autorun-cd-dvd.html

    ස්තූතියි.

    ReplyDelete
  2. හොද ලිපියක්
    ඔබගේ බ්ලොග් එකේ තීම් එක වෙනස් කරලා විලිවහාගත්තනම් තවත් හොදයි

    ReplyDelete
  3. මම ඊලගට ලිපියක් ලිවීමට අදහස් කරගෙන සිටිනවා. මං ඉතින් ඒ සඳහා දැන් ගත යුතු කරුණ ගැන තමා විශේෂ අවධානය යොමු කරේ.
    මේ autorun scene එක සාමාන්‍යයෙන් හැමෝම දන්න දෙයක් නිසා නොදන්න කෙනෙකුට මම ඊලග ලිපියට අත්‍යවශ්‍ය කරුන ගැන පමනක් කීමට කළ උත්සාහයකි මෙය...

    ඔබලාගේ අදහස් දැක්වීමට බොහොම ස්තුතියි. එය මට මහඟු පිටිවහලකි.

    ReplyDelete
  4. පුලුවන්නම් මේ වගේ පෙන් වල තියන වයිරස් රන් නොවෙන ක්‍රමයක් ගැනත් ලියන්න. මෙකද autorun අයින් කලාට බැරිවෙලා හරි double Click කලොත් වයිරස් යනව. දැන් එන වයිරස් explorer එකටත් තියනවනෙ

    ReplyDelete