Monday, April 27, 2009

Administrator Password එක crack කරන්නේ කොහොමද

මේක ගොඩක්ම වැදගත් වෙන්නෙ, විවිධ පරිගණක පංති වලට සහභාගිවන සිසුන්ට හා විශ්වවිද්‍යාල වල ඉගෙනුම ලබන සිසුන්ට යි. ඒ මොකද කිව්වොත්, ගොඩක් වෙලාවට universities වලයි පෞද්ගලික පරිගනක පංති වලයි, ඉගෙන ගන්න සිසුන්ට පාවිච්චි කිරීමට ලබා දෙන්නේ Guest account එකකි.
ඉතින් අන්න ඒ වගේ වෙලාවකට හදිස්සියෙ ඔයාට මොකක් හරි software එකක් install කර ගන්න ඕන උනොත් ඉතින් බඩු බනිස්..... මොකද සාමාන්‍යයෙන් softwares එහෙම install කරනකොට Administrator Privilege අවශ්‍ය වෙනවා.
ඉතින් මෙන්න මේ ක්‍රමයෙන් ඔයාට පුළුවන් guest එකක ඉදලා Administrator account එකක් crack කරන්න. ඒ කිව්වෙ, Administrator account එකට log වෙන්න පුළුවන්. මෙන්න මෙහෙමයි scene එක කරන්නෙ.


  1. ඉස්සෙල්ලාම, Start ගිහින් run එක click කරන්න.නැතිනම් වින්ඩෝව්ස් key එකත් සමග "r" key එක ඔබන්න.

  2. එතකොට එන run dialog box එකේ cmd කියල type කරලා OK කරන්න.

  3. එතකොට DOS එක open වෙයි.

  4. දැන් ඒ window එකේ, "netuser" කියලා type කරලා enter කරන්න.

  5. එතකොට machine එකේ තියෙන user account වල නම් ටික පෙන්නයි

  6. එතනින් ඔයාට password එක crack කරන්න ඕනි user account එකේ නම බලාගෙන මෙන්න මෙ විදිහට type කරන්න.

    " net user user account එකේ නම * "

  7. එතකොට අළුත් password එක type කරන්න කියනවා.එතකොට ඔයාට තියෙන්නෙ, ඔයාට කැමති password එක type කරලා enter key එක ඔබන්ඩ.

හරි, දැන් වැඩේ හරි. දැන් ඔයාලට තියෙන්නෙ log වෙනකොට ඔයා දැන් crack කරපු account එක select කරලා, ඔයා කලින් ගහපු paasword එක type කරන එකයි...එතකොට වැඩේ ගොඩ.

4 comments:

  1. ඔය ක්‍රමය Windows XP Professional [Service Pack 2] එක්ක වැඩ කරන්නෙ නෑ. සමහර විට Home Edition එකේ වැඩ කරනව ඇති.

    අපි කැම්පස් ආපු දවස් වලම ඕක ට්‍රයි කළා. හරි ගියේ නෑ නෙව. :(

    ReplyDelete
  2. නෑ නෑ,, මගේ තියෙන්නෙ Windows XP Professional [Service Pack 2] එකක්. මේකෙනම් ඕක හොඳට වැඩ. හුගක් වෙලාවට Universities/computr classes වගෙ තැන් වල තියෙන machine වල windows files damage වෙලා තියෙන්න පුළුවන්. අනික සමහර virus තියෙනව guest account වලින් ( සමහර වෙලාවට administrator account වලින් පවා ) DOS වලට යන්න බැරි වෙන විදියෙ ඒවා.
    අන්න ඒ වගේ වෙලාවලට නං මේක වැඩ කරන්නෙ නැහැ. ඒ උනාට ඒ වගේ වෙලාවලට DOS open කරගන්ඩත් ක්‍රම තියෙනවා. මං ඒක වෙන article එකකින් දාන්නම්. නැත්තම් දිග වැඩි වෙයි...

    ReplyDelete
  3. Do you update Windows? I think this security hole is fixed by Windows update. Even in my machine, this hack didn't work. I think that's because I update Windows regularly.

    Viruses are nothing for me. I have written plenty of articles about viruses before. (see my Sinhala blog)

    (Sorry for posting this comment in English - currently I don't have Sinhala typing support because I'm testing a new Linux distro)

    ReplyDelete
  4. මම windows update කරේ නං නැහැ. . . .
    ඔය ගැන නම් මං හරියටම දන්නෙ නැහැ......
    දැනුවත් කිරීමට බොහොම ස්තූතියි..

    ReplyDelete